තේරවිලි
- දෙයියන්ගේ දුන්න- දේදුන්න
- ගෙදර නැකතා-හූනා
- පීනන්න බැරි මාළු-ආන මාළු
- කාගේත් අයියා-දහයියා
- කැලේ නැති වැල-දම්වැල
- කැලේට වංගෙඩිය-අලි කකුල
- අලියා නොයන ගම-පෙට්ටගම
- ලොකුම පනාව-කල්පනාව
- කිසිවකු නොකියවන පොත-ඉලපොත
- ලෝකෙ ලොකුම ගින්න-බඩගින්න
- අලියට ගලවන්න බැරි ගහ-තුත්තිරි ගහ
- ශරීරයේ අවයව තුනක් හදුන්වන දෙය-ඇස් කන් නාඩි
- රෑට ලෑල්ල උදේට බම්බුව- පැදුර
- කෑවොත් බඩේ කැපුවොත් හිරේ-බෙලි
- වඩු බාස්ට උදව් වන කොලුවා-අතකොලුව
- ගියොත් ආයේ නොඑන දේ-වයස
- ඇගේ වදිනවා ඒත් අල්ලන්න බෑ-සුළඟ
- කළු අම්මට පැටව් ගොඩයි-බත් හැළිය
- දවල් කනා-බකමූණා
- බෙල්ලෙන් අල්ලලා මුල්ලෙන් තිබ්බා-හිරමණය
No comments:
Post a Comment