තනි පද
1.
තාපසයින් ඉන්නා ස්ථානය-අසපුව
2.
තමන්ගේම ආරක්ෂාව-ආත්මාරක්ෂාව
3.
බීජ පැළ කර ගැනීමට තනන ස්ථානය-තවාන
4.
බිත්තරයෙන් උපන් -අණ්ඩජ
5.
යමක් සිහි කිරීමට ඉදි කර ඇති දෙය-ස්මාරකය
6.
යමක් දැන ගැනීමේ ආශාව-කුතුහලය
7.
යුද්ධ කිරීමට ඉතා දක්ෂ-රණශූර
8.
බැගෑපත්ව කරන ඉල්ලීම-ආයාචනය
9.
ශුභ වේලාව-නැකත
10.
මැටි කර්මාන්තයේ යෙදෙන-කුඔල්
11.
හිරු බැසයන වේලාව- ගොම්මන
12.
වස්තුව බොහෝ ඇති-ධනවත්
13.
ජීවිතය ගැන අනාවැකි කියන්නා-දෛවඥයා
14.
නැවත නැවත ඇතිවන නාදය-ප්රතිනාද
15.
කිසිම ලෙඩක් නැති-නීරෝගිගෙයක් තැනීමට සකස්
කළ බිම-ගෙපල
16.
කලාවට ලැදි-කලාකාමී
17.
සභාවක මුලසුන දරන්නා-සභාපති
18.
සියල්ලන් මරා දැමීම-සමූලඝාතනය
19.
සිත් ඇදගන්නා සුළු-සිත්කලු
20.
උසස් කුලයකට අයත්-කුලීන
21.
උයන් මුරකරන්නා-උයන්පල්ලා
22.
ඉබේ ක්‍රියා කරන-ස්වයංක්‍රීය
23.
ඉතා වේගයෙන් ධාවනය වන-සීඝ්‍රගාමී
24.
ඇසින් දැකිය හැකි -දෘශ්‍යමාන
25.
ගසක ඵල නොදරන කාලය-අවාරය
26.
පරාජය නොවූ-අපරාජිත
27. නිවසක හිමිකරුවා-ගෙහිමියා
28. කෑම උයන්නා-අරක්කැමියා
29. කෑමට ඉතා ප්‍රිය-කෑදර
30. සතුට ගෙන දෙන ආරංවිය-ශුභාරංවිය
31. සඟවා ඇතිධනය- නිධානය
32. කිරි බී වැඩෙන -ක්ෂීරපායි
33. විස්තර කැටි කර දැක්වීම-සාරාංශය
34. වියළී ගිය ගොයම් ගස් -පිදුරු
35. වැඩපල ඉතා අධික-කාර්ය බහුල
36. යුද්ධයට ඉතා කැමති-රණකාමී
37. හිරු උදාවීමට පෙර වැටෙන
එළිය-අරුණාලෝකය
38. යකඩින් කරන ලද-අයෝමය
39. යුද්ධයට යන තැනැත්තා-සෙබලා
40. කිසි උඩඟු කමක් නැති-නිහතමානී
41. කටට ආ දේ කියන-වාචාල
42. කන්පිනවන-කන්කලු
43. සපත්තු මසන්නා-සපතේරුවා
44. සැමට අයිති-පොදු
45. උපසම්පදා නොවු භික්ෂුව-සාමණේර
46. පාර පෙන්වන්නා-මාර්ගෝපදේශකයා
47. අනුන්ගෙන් යැපෙන-පරපුටු
48. අවුරුදු 10ක කාලය-දශකය
49. ඇතාගේ නාදය-කුංචනාදය
50. -අන් අය කරන දේ කිරීම- අනුකරණය
51. -අනුන්ගේ ගුණ වර්ණනා
කරන්නා-වන්දිභට්ටයා
52. -අහසේ හැසිරෙන-ආකාශචාරී
53. පාද රාශියක් ඇති-බහුපා
54. පාර වැරදුණු-මංමුලාවු
55. පොත්පත් කියවන්නා-පාඨකයා
57. -රටක ප්‍රධාන නගරය-අග නගරය
58. ජලය නැති කාලය-ඉඩෝරය
59. ජනතාව අඩු- ජනශූන්‍ය
60. රටක් බලෙන් අල්ලා ගැනීම-ආක්‍රමණය
61. රන් රිදී බඩු සාදන්නා-රන් කරුවා
62. නිවස අවට පදිංචි වී සිටින අය-අසල් වැසියෝ
63. කිසිම ආයුධයක් නැති-නිරායුධ
64. නැවක් පදවන්නා-නැවියා
65. නිතියට ගරු කරන-නීතිගරුක
66. නැව් නවතා ඇති ස්ථානය-වරාය
67. වෙනත් ජාතියකට අයත්-විජාතික
68. බලයට ඉතා කැමති-බලකාමී
69. විද්‍යාත්මක පරික්ෂණ පවත්වන ස්ථානය-විද්‍යාගාරය
70. වැවක ජලය බැස යන ස්ථානය-සොරොව්ව
71. දිරාගිය කිළිටි ඇඳුම්-වැරහැලි
72. ඔටුනු පැලදවීමේ උත්සවය-මෞලි මංගල්‍යය
73. එකම කාලයට අයත්-සමකාලීන
74. හැම දෙනාගේ කැමැත්තෙන්-ඒකඡන්දයෙන්
75. ශාක පත්‍ර වලින් ජලය පිටවීම-උත්ස්වේදනය
76. මඩෙහි
උපන්-පංකජ
77. නිවසක හිමිකරුවා-ගෙහිමියා
78. කෑම උයන්නා-අරක්කැමියා
79. කෑමට ඉතා ප්‍රිය-කෑදර
80. සතුට ගෙන දෙන ආරංවිය-ශුභාරංවිය
81. සඟවා ඇතිධනය- නිධානය
82. කිරි බී වැඩෙන -ක්ෂීරපායි
83. විස්තර කැටි කර දැක්වීම-සාරාංශය
84. වියළී ගිය ගොයම් ගස් -පිදුරු
85. වැඩපල ඉතා අධික-කාර්ය බහුල
86. යුද්ධයට ඉතා කැමති-රණකාමී
87. හිරු උදාවීමට පෙර වැටෙන
එළිය-අරුණාලෝකය
88. යකඩින් කරන ලද-අයෝමය
89. යුද්ධයට යන තැනැත්තා-සෙබලා
90. කිසි උඩඟු කමක් නැති-නිහතමානී
91. කටට ආ දේ කියන-වාචාල
92. කන්පිනවන-කන්කලු
93. සපත්තු මසන්නා-සපතේරුවා
94. සැමට අයිති-පොදු
95. උපසම්පදා නොවු භික්ෂුව-සාමණේර
96. පාර පෙන්වන්නා-මාර්ගෝපදේශකයා
97. අනුන්ගෙන් යැපෙන-පරපුටු
98. අවුරුදු 10ක කාලය-දශකය
1* ධර්මයට අනුව ජීවත්වන - ධාර්මික
2* දොළොස් මසක කාලය - අවුරුද්ද
3* ආහාර හිඟ කාලය - දුර්භික්ෂය
4* මිල කළ නොහැකි - අමිල
5* බඩගාමින් යන සත්තු - උරග
6* කිසිවෙකුට යටත් නැති - ස්වාධීන
7* පිටරටකින් පැමිණි පුද්ගලයා
- විදේශිකයා
8* කන් නොඇසෙන - බිහිරි
9* අම්මාගේ සහෝදරයා - මාමා
10* පැයක කාලය - හෝරාව
11* ගමෙහි ජීවත්වන්නා - ගැමියා
12* පොළොව යටින් කැපූ මාර්ගය - උමග
13* අනුන්ගේ යහපතට කටයුතු කරන්නා - පරාර්ථකාමියා
14* වනයෙහි උපන් - වනජ
15* නැව් නවත්වා තබන ස්ථානය - වරාය
16* යමෙකු උපන් භූමිය - නිජබිම
17* රිදියෙන් කරන ලද - රජතමය
18* කටින් කට පැවතෙන කියුම්- ජනප්‍රවාද
19* ගඟක් මුහුදට වැටෙන ස්ථානය - මෝය
20* කාලයට ගැළපෙන - කාලෝචිත
21* කිරි බී වැඩෙන - ක්ෂීරපායි
22* නීතියට ගරු කරන - නීතිගරුක
23* වැඩකට නොමැති හිස් බස් - ප්‍රලාප
24* තාපසයන් වසන ස්ථානය - තපෝවනය
25* රජු හිඳගන්නා පුටුව- සිංහාසනය
26* . අනුන්ගෙන් පෝෂණය වන්නා - පරපෝෂිත
27* කතා කිරීමෙහි දක්ෂ- චතුර
28* බොහෝ පාද ඇති - බහුපා
29* හිස සුන් මළකඳ - කවන්ධය
30* මාර්ග හතරක් එක්වන තැන - සිව්මංසල
31* රටරටවල තොරතුරු සොයන්නා- ගවේෂකයා
32* සඳ නොමැති රාත්‍රිය- අමාවක
33* කිසිකලෙක නොමැරෙන - අමරණීය
34* ඉර උදාවීමට ආසන්න වේලාව - අරුණලූ
35* . යමකු සිහිකිරීමට තනන ලද්ද- ස්මාරකය
36* ජාතිය කෙරෙහි ඇති ඇල්ම- ජාත්‍යාලය
37* රාත්‍රී කාලයේ හැසිරෙන
- නිශාචර
38* පරම්පරාවෙන් ලැබෙන අයිතිය- උරුමය
39* තල්ලෙන් උපන් - තාලූජ
40* වැඩක් පලක් කිරීමට අලස - කම්මැළි
41* අවුරුදු දහයක කාලය - දශකය
42* සාමයට කැමති - සාමකාමී
43* යකඩින් තනන ලද - අයෝමය
44* ඉක්මනින් ධාවනය වන - ශීඝ්‍රගාමී
45* සුව කිරීමට අපහසු - අසාධ්‍ය
46* බොහෝ මුදල් ඇති - ධනවත්
47* පංච ඉන්ද්‍රීයන් - පසිඳුරන්
48* ඇඳිරි වැටීගෙන එන - ගොම්මන
49* සැමියා මළ ස්ති‍්‍රය - වැන්දඹුව
50* ඉබාගාතයේ ඇවිදින - රස්තියාදු
51* මඩෙහි උපන් - පංකජ
52* වැස්ස නැති කාලය - නියඟය
53* අතින් ම කරන ලද - අත්කම්
54* පෙති සියයක් ඇති - සියපත්
55* මල් හට නොගන්නා
- අපුෂ්පක
56* මිනීමරුවන් එල්ලා මරන්නා - අලූගෝසුවා
57* ඉතා සෙමෙන් ධාවනය වෙන - මන්දගාමී
58* කියන දේ නොපිළිපදින
- අකීකරු
59* ජනයාගෙන් හිස් වූ - ජනශූන්‍ය
60* ලී කොටයක ඇති ශක්තිමත් කොටස - අරටුව
61* මනා පෙනුමකින් යුත් - කඩවසම්
62* අධික ලෙස මත්පැන් පානය කරන්නා - බේබද්දා
63* යම් ක්ෂේත්රයකට අලූතින් එකතු වන්නා - ආධුනිකයා
64* තමන් ගැන පමණක් සිතන්නා - ආත්මාර්ථකාමියා
65* නැකැත් නොමැති කාලය - නොනගතය
66* කැඩුණු බිඳුණු දෙයක් යළි සැකසීම - ප්‍රතිසංස්කරණය
67* වෙනස් නොවන - ස්ථිර
68* බත් සමග ආහාරයට ගන්නා එළවළු, මාළු - ව්‍යාංජන
69* එක ම කාලයට අයත් - සමකාලීන
හිමායා
ReplyDeleteGood and thanks
ස්තූතියි .
ReplyDeleteස්තූතියි .
ReplyDeleteනියමයි..ගොඩක් උපයෝගි උනා...
ReplyDeleteMata puluwannam kiyanawada= (POTH PATH KIYAWANNATAI,,SHOOKAYA ATHI KARANA,,,PILIKULA ATHI KARANA,,THAMAN WATAA KERAKENA GAMAN MAGA)
Ela niyamai thanks...
ReplyDeleteSir pls answer for this
ReplyDeleteපළමුවෙන් යමක් සොයා ගන්නා තැනැත්තා
සියලු අතින් යහපත් කියන එකට තනි වචනය කුමක්ද
ReplyDeleteමවගෙන් උපත ලැබූ කියන එකටත් තනි වචනයක් තියෙනවා නේද?ඒක දන්න කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ
ReplyDeleteමෙලූ රහක් නැ
ReplyDelete