තේරවිලි


තේරවිලි
  1. දෙයියන්ගේ දුන්න- දේදුන්න
  2. ගෙදර නැකතා-හූනා
  3. පීනන්න බැරි මාළු-ආන මාළු
  4. කාගේත් අයියා-දහයියා
  5. කැලේ නැති වැල-දම්වැල
  6. කැලේට වංගෙඩිය-අලි කකුල
  7. අලියා නොයන ගම-පෙට්ටගම
  8. ලොකුම පනාව-කල්පනාව
  9. කිසිවකු නොකියවන පොත-ඉලපොත
  10. ලෝකෙ ලොකුම ගින්න-බඩගින්න
  11. අලියට ගලවන්න බැරි ගහ-තුත්තිරි ගහ
  12. ශරීරයේ අවයව තුනක් හදුන්වන දෙය-ඇස් කන් නාඩි
  13. රෑට ලෑල්ල උදේට බම්බුව- පැදුර
  14. කෑවොත් බඩේ කැපුවොත් හිරේ-බෙලි
  15. වඩු බාස්ට උදව් වන කොලුවා-අතකොලුව
  16. ගියොත් ආයේ නොඑන දේ-වයස
  17. ඇගේ වදිනවා ඒත් අල්ලන්න බෑ-සුළඟ
  18. කළු අම්මට පැටව් ගොඩයි-බත් හැළිය
  19. දවල් කනා-බකමූණා
  20. බෙල්ලෙන් අල්ලලා මුල්ලෙන් තිබ්බා-හිරමණය

No comments:

Post a Comment