ප්‍රස්තාව පිරුලු


ප්‍රස්තාව පිරුලු

1.       වක්කඬේ හකුරු හැංගුවා වගේ - අනාරක්ෂිත තැනක යමක් පරිස්සමට තැබීම.

.2-තෙලෙන් බැද්දත් කොබෙයියා - කිරෙන් බැද්දත් කොබෙයියා - ප‍්‍රදේශය වෙනස් වුවත්, කාලය වෙනස්
වුවත් පුද්ගලයන්ගේ සහජ ගති ගුණ, පුරුදු වෙනස් වන්නේ නැත.


3.       .වඳින්න ගිය දේවාලේ හිසේ කඩා වැටුණා වගේ - පිහිටක්, යහපතක් බලාපොරොත්තුවෙන් ගියත් විපතක් සිදුවීම.

4.       ඇඟිල්ලේ තරමට ඉදිමෙන්න  ඕනෙ - තමන්ගෙ තරම දැනගෙන කටයුතු කළ යුතුයි.
       

6.       අනුන්ගෙ පහනින් එළිය බැලීම- පිටස්තර අයගෙන් සියල්ල බලාපොරොත්තු වීම.

7.       විද්දෙ හාවට වැදුණෙ පඳුරට- යමකින් බලාපොරොත්තු වූ ප‍්‍රතිඵලය නොලැබීම.

8.       පැණි වරකා ගහටත් හෙණ වදිනවාලූ- යහපත් දෙයකට වුවද හානි පැමිණේ.

9.       .පැණි හැළියෙ වැටුණ ඇඹලයා වගේ- යමකට ඉතා ආසාවෙන් ඇලී ගැලී සිටීම.

10.   නයාට අඳුකොළ වගෙයි    - තදින් යම් දෙයකට වෛර කිරීම.

11.   .කල දුටු කල වළ ඉහ ගන්නා සේ   - අවස්ථාවෙන් ලාභ ප‍්‍රයෝජන ගැනීම.

12.   දත් නැති දා උක් දඬු  ගිනි තපින්නද- අවශ්‍ය වෙලාවට නැති නම් පසුව ඵලක් නොවේ.

13.   .ගඟට ඉනි කැපුවා වගෙයි - මහන්සි වී කරන වැඩෙන් ප‍්‍රතිඵලයක් අත් නොවීම.

14.   ගිරයට අහුවුණ පුවක් ගෙඩිය වගේ- කිසිම ගැලවීමක්, නිදහසක් නැති.

15.   ගෙඟන් දිය බී මුහුදට ආවඩනවා- උපකාර කළ අය අමතක කර වෙනත් අයට ප‍්‍රශංසා කිරීම.

16.   .ඇෙඟන් ඇටයක් ගියා වගේ        - බොහෝ අකමැත්තෙන් යමක් දීම.

17.   කටින් බතල හිටවන්නා වගේ        - යමක් කතාවට පමණක් සීමා කිරීම.

18.   උඩින් මිතුරු යටින් කතුරු- හිතවත්කම පෙන්වමින් උගුල් ඇටවීම.

19.   දිය මතුපිට ඇඳි ඉරක් වගෙයි         - යමක් ඉතා ඉක්මනින් අමතක වී යෑම.

20.   පරංගියා කෝට්ටේ ගියා වගේ        - යෑමට කෙටි මාර්ගයක් තිබිය දී දීර්ඝ ගමනකින් අදාළ තැනට ළඟා වීම.

21.   කටුස්සගෙ කරේ රත්තරන් බැන්දා වගේ- නුසුදුසු පුද්ගලයින්ට තනතුරු දීම.

22.   දුවන මුවන් දැක නොදමව් නෙළූ පලා- විශාල වාසි තකා තමන් ළඟ ඇති දේ ඉවත දැමීම.

23.   .යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද- උවමනා වේලාවට නැති දෙයින් පසුව ඵලක් නොවීම.

24.   .ගහෙන් වැටුණ මිනිහාට ගොනා ඇන්නා වගේ- අමාරුවෙන්, කරදරයකින් බේරුණ විට ඊටත් වඩා වැඩි කරදරයකට මුහුණ දෙන්නට සිදුවීම.

25.   දිලිසෙන සියල්ල රන් නොවේ- මතුපිට ඔපයට නොරැවටෙන්න

26.   ගහ දන්න අයට කොළ කඩා පාන්නා සේ - සත්‍ය තොරතුරු දන්නා අයට ඇත්ත වසන් කිරීම.

27.  ගහට ගහක් මොරටුවෙදි හමුවෙනවාලූ- කවදා හෝ යළි මුණගැහෙන බව.

28.  ගිලීමලෙත් ඇත දත සුද්දෝ          - නරක ගති ගුණ ඇති අය ළඟද හොඳ අය ඇත.

29.  මුහුද හත් ගව්වක් තිබියදී අමුඩ ගැසුවා වගේ - යම් දෙයකට ප‍්‍රමාණය ඉක්මවා සූදානම් වීම.

30.  ආචාරියා රවටා කැත්ත හැදුවා වගේ- අන් අය රවටන්නට ගොස් තමන්ම රැවටීම

31.  .මිටිකිරි විසිකර දියකිරි ගත්තා වගේ- හොඳ දේ ඉවත දමා නරක දේ ප‍්‍රයෝජනයට ගැනීම.

32.  .ගින්නක්  නැතිව දුමක් නොනගී    - හැම දෙයකටම හේතුවක් ඇත.

33.  .නරියා පඹ ගාලෙ පැටලූනා වගෙයි- විසඳන්නට නොහැකි අවුලකට පත්වීම.

34.   උගුරට හොරා බේත් කනවා වගේ  - යන්තම් ගැලවීමට වැඩ කිරීම.

35.   .බත් ඇති දාට කොස් තිත්තලූ- වටිනාකමින් වැඩි දේවල් ලැබෙන විට සුළු දේවල් අමතක වීම.

36.   .ඉඳිකටු තුඬේ තපස් රැක්කා වගෙයි- ඉටුකළ නොහැකි දේකට වෙහෙසීම.





1 comment: